කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
මාතර සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් මෙම වැඩතහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත. මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු (Leasing) වාරික ගෙවීම සඳහා මුදල් ලැබුණු ආකාරය පැහැදිලි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇය පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවාය.
විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, ඇය සතුව තිබූ 'හොන්ඩා වීසල්' (Honda Vezel) වර්ගයේ මෝටර් රථය ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි. මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියන 1කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු විසින් මෙම මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.