අයහපත් කාලගුණය හමුවේ උසස් පෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

 
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ. 
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ඇදහැලෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
Previous Post Next Post