අප්‍රේල් 30 දිනෙන් පසුව සාමාන්‍ය සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු වාර්තා නොවුනත්, අවදානම මුළුමනින් පහවී නැහැ. සෞඛ්‍ය අංශ පවසන ආකාරයට දෙවන රැල්ලක් නැගී ඒම හරහා විශාල විනාශයක් සිදුවීමේ අවදානම මුළුමනින් බැහැර කරන්න බෑ. ආණ්ඩුවේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව මේ අවමංගල සංදර්ශන පවත්වන්නේ පාලකයන්ට සිය බල ව්‍යාපෘති හමුවේ සමාජයේ ආරක්ෂාව හෝ යහපැවැත්ම අදාළ නොවන බව ප්‍රදර්ශනය කරමින්. පාලකයන් නිරෝධායන නීති හරහා දේශපාලන වාසි ලබා ගන්නවා මෙන්ම නිරෝධායන නීති කඩ කිරීමෙනුත් දේශපාලන වාසි ලබා ගන්නවා. නිරෝධායන මාර්ගෝපදේශ යනු ජනතාවට එක ආකාරයකිනුත් පාලකයන්ට සහ ධන කුවේරයන්ට තවත් ආකාරයකිනුත් බලපාන දෙබිඩි නීතියක් බව තව දුරටත් අමුතුවෙන් උදාහරණ කියමින් පැහැදිලි කළ යුතු නෑ. ගෙවුණු මාස දෙක තුළ එවැනි උදාහරණ ඕනෑ තරම් අපට දක්නට ලැබුණා. සහල් වල උපරිම සිල්ලර මිල සම්බන්ධ ප්රශ්නයේදීත්, ගල්කිස්ස වෙරළට වැලි පිරවීමේ ප්රශ්නයේදීත් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් භාවිතයක් අපට මේ අවමංගල්‍ය සංදර්ශන වලදී බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
සියලු උදාහරණ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන්නේ මේ සමස්ත ස්ථාපිතයම නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමට පිරිහී, කුණුවී, බිඳ වැටී ඇති බව. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ ක්‍රමය තුළම විසඳුම් සොයන්නන් එල්ලුණු අවසාන පිදුරු ගහ. දක්ෂිනාංශික දේශපාලන මාවතේම විසඳුම් සොයන්නන්ට තිබුණු හොඳම තේරීම තමයි ගෝඨාභය. දැන් ඒ හොඳම විසඳුම පවා කෙතරම් විසුලුකාරීද කියා පෙනී යමින් තිබෙනවා. එයින් විශ්වාසය කඩ වුවන් මේ ඇස් පනාපිට පෙනෙන යතාර්ථයට පසුපස හරවා සිය විචාර බුද්ධිය අහිමි කරගෙන දෘෂ්ටිමය වහලුන් වීමේ අන්තය හා දේශපාලනයෙන් ඉවත් වීමේ අන්තය වෙත පසුබසින ආකාරය අපට මේ දිනවල මුහුණු පොතේ දකින්න පුළුවන්. ඒ මාවත් දෙක වෙනුවට සියල්ල නැවත අගය කිරීමේ, විචාරයට ලක් කිරීමේ, සැබෑ ප්රශ්නය-එහි මූලය-සැබෑ විසඳුම් සෙවීමේ, දේශපාලනයට අලුත් වටයකින් පිවිසීමේ, අලුත් දේශපාලනයක් සක්‍රිය කිරීමේ මාවතට පිවිසෙන්න. රාජ්‍ය අනුග්‍රහය ලබන අවමංගල උත්සව, ගොන්පාට් වන නිරෝධායන නීති, තාත්තලා පසුපස එන පුතාලා, ඒ පුතාලා සෞඛ්‍ය බලධාරීන්ට තර්ජනය කිරීම්, නිරෝධායනය පසෙකලා මළ ගෙදර එන දූවරුන් ආදී සියලු විගඩම් විසින් අපට සංඥා කරන්නේ වෙන කුමක්ද?
No comments:
Post a Comment