රාජපක්ෂ ආණ්ඩුව පරිප්පු කිලෝවකින් රු.10 ක්ද, අර්තාපල් කිලෝවකින් රු.50 ක්ද, රතුළූණු හා සුදු ළූණු කිලෝවකින් රු.50 ක්ද, මිරිස් කිලෝවකින් රු.100 ක්ද, සැමන් කිලෝවකින් රු.100 ක්ද, හාල්මැස්සන් කිලෝවකින් රු. 100 ක්ද, පොල්තල් ලීටරයකින් රු. 350 ක්ද ලෙස අලුත් බදු හඳුන්වාදී තිබේ. මේ අනුව කොවිඩ් නිසා ආදායම් අහිමි වූ, උකස් බඩු පෝලිම්වල, ආහාර බෙදන පෝලිම්වල හාමතේ පැය ගණන් වේලි වේලි සිටින ජනතාවට තවත් දැඩි බඩේ පහරක් එල්ල කර ඇත. සහගහන තෙල් බදු වලට අමතරව දැන් සහගහන බදු බත්පතටද ගසා ඇත.
රාජපක්ෂ ආණ්ඩුව පටන් ගත්තේ පරිප්පු හා සැමන් ලාබෙට දෙන බව පවසමිනි. ඒ සඳහා ආණ්ඩුව වැයකළා නම්, වැය කරන්නට සිදු වන්නේ තෙල් බදු වලින් 1% කි. නමුත් කෙටි කලකින්ම ආණ්ඩුව පරිප්පු හා සැමන් සහනයද අකුලා ගත්තේය. ඉන් පසුව අප්‍රියෙල් 16 විශේෂ ගැසට්ටුවක් මගින් ආනයනික භාණ්ඩ සඳහා තහනමක් ගෙන ආවේය. මාසයක් යන්නට පෙර තවත් බදු වැඩිකර එකී ආනයනික භාණ්ඩ තහනමද හකුලා ගෙන ඇත.
රාජපක්ෂ ආණ්ඩුව බඩු හා බදු මිල වැඩි කරන්නේ අමාත්‍යාංශ ලේකම්ලා හා නිලධාරීන් පත් කිරීම හා ඉවත් කිරීමටත් වඩා වේගයෙනි. පසුගිය මාස 6 ක කාලය පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව කරවන අයගේ නොතේරෙන බව, ජන දුක නොහඳුනන බව හා අමනෝඥ බවය.
දැනටමත් පුද්ගලික අංශයේ සේවකයින් 30% ක් පාරට ඇද දමා ඇත. ඉදිරියේදී එය 60% ක් විය හැකිය. රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයින් ගෙදර ගෙනගිය වැටුප් (අතිකාල සමග) 40-60% ප්‍රමාණයකින් කපාහැර ඇත. ස්වයං රැකියා හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරවල රැකියා කළවුන් හිඟමනට වැටී ඇත. ව්‍යාපාරිකයන්ට දෙනවා යැයි කියූ 4% ණය ඇත්තේ ආණ්ඩුවේ නාලිකාවල පමණි. ක්‍රමයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද සිය සේවකයින් මෙන්ම හිඟමනට වැටෙමින් ඇත.
මේ තරම් බරපතල ලෙස ජනතාවගේ බඩට පහර දී ඒවා මාධ්‍ය සංදර්ශන වලින් වසාගත හැකි යැයි ආණ්ඩුව සිතයි. පාරිභෝගික අධිකාරියේ සහල් මෝල් වැටලීම, කඩ වැටලීම එවැනි මාධ්‍ය සංදර්ශනයන්ය. පාරිභෝගික අධිකාරිය සිටින්නේ පාරිභෝගිකයන් වෙනුවෙන් නම් වැටලිය යුත්තේ සහගහන තෙල් බදු හා ආහාර බදු ගහන භාණ්ඩාගාරය ය. ආචාර්ය ජයසුන්දරට මුවා වී සියළු පව් ඔහු පිටින් යවා විශේෂ බලකායේ ස්වයංක්‍රීය අවි සමග ආහාර ගබඩා හා වෙළඳ ස්ථාන වැටලීමේ සංදර්ශන වලින් ජනයාගේ බඩගින්න නිවෙන්නේ නැත.
පසුගිය මාස හයක "සෞභාග්‍යයේ මාවතේ" අපට හමුවී ඇත්තේ රැවටීම, බිය, බඩගින්න හා වේදනාව පමණි.
වැඩකරන විරුවා පසුගිය මාස 6 ට එක ගඩොලක් හෝ අලුතින් තබා නැත. කොවිඩ් වලින් පසුව උදාවනවා යැයි කියන රාජපක්ෂලාගේ නිව් නෝමල් එක ගිණිකන නෝමල් එකකි.
පාඨලී චම්පික රණවක
Tuesday, May 26, 2020
විශේෂාංග
No comments:
Post a Comment