Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News


    Wednesday, April 8, 2020

    කොවිඩ් මර්ධනයෙන් ලංකාව ඇමරිකාව පරාජය කරලා? - පාඨලී චම්පික රණවක

    බොහෝ දෙනෙක් මගෙන් විමසන ප්‍රශ්ණයක් නම් ලෝක පරිමාණයෙන් ගත්කළ කොරෝනා ආසාදිතයන් හා කොරෝනා මරණ, බටහිර ලෝකයේ වැඩිවී දකුණු ආසියාවේ අඩුවී ඇත්තේ කුමක් නිසාද යන්නය. උදාහරණයක් ලෙස අප්‍රේල් 07 දින ලොව සම්පූර්ණ කොරෝනා රොගීන් ගණන 1,359,010 කි. එයින්,
    එක්සත් ජනපදය - 367,650
    ස්පාඤ්ඤය - 140,510
    ඉතාලිය - 132,547
    ජර්මනිය - 103,375
    ප්‍රංශය - 98,010
    බ්‍රිතාන්‍ය - 51,608
    තුර්කිය - 30,217 ආදී ලෙසය.

    දකුණු ආසියාවේ තත්වය,
    ඉන්දියාව - 4858
    පාකිස්ථානය - 4004
    ශ්‍රී ලංකාව - 180
    බංග්ලාදේශය - 164
    නේපාලය - 09
    භූතානය - 05

    කොවිඩ් මරණ සංඛ්‍යාව ගත්කළ බටහිර රටවල්,
    ඉතාලිය - 16,523
    ස්පාඤ්ඤය - 13,798
    එක්සත් ජනපදය - 10,943
    ප්‍රංශය - 8,911
    බ්‍රිතාන්‍ය - 5,373
    බෙල්ජියම - 2,035
    ජර්මනිය - 1,810 ආදී ලෙසය.

    දකුණු ආසියාව ගත්කළ
    ඉන්දියාව - 137
    පාකිස්ථානය - 54
    බංග්ලාදේශය - 17
    ශ්‍රී ලංකාව - 06
    නේපාලය - 00
    භූතානය - 00 ආදී ලෙසය

    මෙයට හේතුව කුමක්ද? මා දකිනා පළමු හේතුව නම් බටහිර රටවල් ක්‍රියාශීලී ලෙස රෝගීන් හඳුනා ගැනීමත්, වාර්තාවන මරණවල කොවිඩ් මරණ නිශ්චිතව ගණනය කිරීමත්ය. දකුණු ආසියානු රටවල මෙය ලිහිල්ව සිදුවේ. අනෙක් අතින් ඝර්ම කලාපීීය හා නිතර වෛරස් රෝගවලට ගොදුරුවන ප්‍රදේශයක් ලෙස බටහිර රටවලට වඩා ප්‍රති වෛරස් ප්‍රතිශක්තියක් ඇතිවීමේ ඉඩකඩක්ද ඇත.

    ශ්‍රී ලංකාව අඩුම තරමින් දශ ලක්ෂයකට PCR පරීක්ෂණ 2000 ක් වත් කළහොත් අපගේ කොවිඩ් ආසාදිත තත්වය විද්‍යානුකූලව දැනගත හැකිවනු ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හා ක්ෂුද්‍ර විශේෂඥයින් හා වෛරස් රෝග විශේෂඥයින් නිතර වැඩි වැඩියෙන් පරීක්ෂණ කළ යුතු යැයි අවධාරණය කරන්නේ මෙයය.

    එසේ නැතුව කොවිඩ් මර්දනයෙන් අපි ආසියාවේ අංක එක වී ඇත, කියුබාව, එක්සත් ජනපදය හා සිංගප්පූරුව අපට පරාජය වී ඇත, වැනි පොර-ටෝක් අවර ගණයේ දේශපාලකයින්ට මිස කොවිඩ් ගැන බියට පත්ව සිටින ජනතාවට නම් වැදගත් නැත. වැදගත් වන්නේ විධිමත් පරීක්ෂණයකින් පසු කොවිඩ් ආසාදිතයන් හා කොවිඩ් මරණ පිළිබඳව තත්වය පැහැදිලි කරගැනීමකින් පසුව පමණක් දැනට ක්‍රියාත්මක වන විවිධ කොවිඩ් මර්දන ක්‍රියාදාමයන් (ඇඳිරි නීතිය) පිළිබඳව විකල්ප තීරණ ගැනීමට ක්‍රියා කිරීමය. එසේ නොමැතිව ඉතා අඩු නියැඳි පරීක්ෂාවකින් (සාම්පල්) රටේ සාමාන්‍ය තත්වය පිළිබඳව නිගමන වලට එළැඹීම අවර ගනයේ කට වාචාලයන්ට හා මාධ්‍ය ජවනිකා කරුවන්ට කෙසේ වෙතත් රටේ ජනතාවගේ සෞඛ්‍යට සුභදායී නැත.

    පාඨලී චම්පික රණවක

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture