Sri Lankan Newspapers : Sinhala News : Sri Lanka News Online News Papers.

sinhala

  • Breaking News

    Friday, March 6, 2020

    ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරු

    ක්‍රි.ව. 1658 සිට 1796 දක්‌වා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය නතුව තිබුණේ ලන්දේසීන්ටය. එවකට උඩරට රාජ්‍ය පාලනයේ යෙදී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන්ගේ බලය තුරන් කිරීමට ඉංග්‍රීසි ජාතිකයන්ගේ සහාය පැතීය. ඒ වන විට ලංකාවේ ලන්දේසි ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ඵන් එංගල්බෙක්‌ ය. ඕලන්දයේ රාජ්‍ය නායකයා වූ විලියම් කුමරු හට ආරක්‍ෂාව පතා එංගලන්තයට ගියවිට, විලියම් කුමරුගෙන් ලංකාවේ සිටි ලන්දේසි ආණ්‌ඩුකාරවරයාට පෙරදිග ලන්දේසි ප්‍රදේශ ඔවුනට (ඉංග්‍රීසීන්ට) පවරා දෙන ලෙසට ලිපියක්‌ ලබා දුන්නේය. මෙම ලිපියට ලන්දේසි ආණ්‌ඩුකාර එන්ගල් බෙක්‌ අකමැතිවිය. මේ තත්ත්වය මත ඉංග්‍රීසීහු 1795 අගෝස්‌තු මාසයේදී ත්‍රිකුණාමලයත්, සැප්තැම්බර් මාසයේ දී යාපනයත් අල්ලා ගත්හ. ඉන් අනතුරුව මන්නාරම හා කල්පිටියත් 1796 දී කොළඹත් යටත්කර ගැනුණි. ඔයින් මෙයින් 1796 පෙබරවාරි වනවිට එන්ගල් බෙක්‌ ආණ්‌ඩුකාරවරයාට ලන්දේසීන් සතුව පැවැති සියලුම ප්‍රදේශ (මුහුදුබඩ) ඉංග්‍රීසීන්ට පවරාදීමට සිදුවිය.

    ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් මුහුදු බඩ ප්‍රදේශවල බදු අයකර ගැනීමට 'අවුමිල්දාර්' යනුවෙන් වූ බදු නිලධාරීන් පිරිසක්‌ පහත සඳහන් බදු අයකිරීමට පත්කළහ. පොල් බද්ද, අරක්‌කු බද්ද, මාළු බද්ද, ලුණු බද්ද, රා බද්ද සහ දුම්කොළ බද්ද, ඒ බදු වර්ග වෙයි.

    ක්‍රි.ව. 1798 සිට 1802 දක්‌වා ලංකාවේ පැවැති පාලන ක්‍රමය "ද්විත්ව පාලන ක්‍රමයක්‌ ලෙස හැඳින්විය හැකිය. එය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමටත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව යටතේ වීමත් වීමෙනි. ද්විත්ව පාලන ක්‍රමය අසාර්ථක වීම නිසා බ්‍රිතාන්‍යයන් යටතේ පැවැති ප්‍රදේශ 1802 දී බ්‍රිතාන්‍ය යටත් විජිත තත්ත්වයට පත්කරන ලදී. ඒ වන විට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ෆෙඩ්රික්‌ නෝර්ත්ය. ඔහු ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය ස්‌ථාපිත කිරීම සඳහා 1803 දී උඩරට පාලනය යටත්කර ගැනීමට හමුදා මෙහෙයුමක්‌ දියත් කළේය. ෆෙඩ්රික්‌ නෝර්ත්ගේ සේවා කාලය 1798 සිට 1805 තෙක්‌ පැවැතිණි.

    නෝර්ත් ආණ්‌ඩුකාර වරයාගෙන් පසු සර් තෝමස්‌ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයා ලෙස පත්විය. (ක්‍රි.ව. 1805 - 1812) මොහු ලංකාවේ සියලුම ප්‍රදේශවල සංචාරය කර රටවැසියා ගැන අවබෝධයක්‌ ලබා ගත්තේය. උඩරට රජු සමඟ සුහදව කටයුතු කළේය. ෆෙඩ්රික්‌ නෝර්ත් විසින් අවලංගු කළ රාජකාරි ක්‍රමය යළි පිහිටුවීය. සිවිල් නිලධාරීන්ට සිංහල හා දෙමළ භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමට සැලැස්‌වීය. අපරාධ නඩු විසඳීම සඳහා 1810 දී ජුරි සභා ක්‍රමයක්‌ද ඔහු ඇති කළේය.

    මේට්‌ලන්ඩ් ගෙන් පසු ආණ්‌ඩුකාර තනතුරට පත්වූයේ ජෙනරාල් රොබට්‌ බ්‍රවුන්රිග්ය. ඔහු 1812 සිට 1820 දක්‌වා ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඒ වනවිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව නිතර විරෝධතා ව්‍යාපාර උත්සන්න වූයේය. ඇහැලේපොල දිසාව ගැන සැක කළ රජු ඔහුගේ බිරිඳ සහ දරුවන් කෲර ලෙස මැරවීය. මේ තත්ත්වය ඉංග්‍රීසීන්ට උඩරට අල්ලා ගැනීම ලෙහෙසි විය. උඩරට රදළ නායකයන්ගේ සහායද ඉංග්‍රීසීන්ට ලැබීම නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරභාරයට ගැනීමට හැකිවිය.

    ක්‍රි.ව. 1815 දී, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් සහ උඩරට රදළ ප්‍රධානීන් අතර (1815 මාර්තු 02) මහනුවර මඟුල් මඩුවේදී එළැඹුණ ගිවිසුමට අනුව උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට පැවරුණි. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගේ පාලන සමයේදී සිංහලේ රජුට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ වරදට පිළිමතලාවේ මහ නිලමේගේ හිස ගසා දැමිණි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අත්අඩංගුවට ගෙන රජ පවුල 1816 දී මදුරාසියට නැව් නැංවීමද සිදුවිය.

    බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගෙන් පසු සර් එඩ්වඩ් පැජට්‌ 1822 දී මාස 09 ක්‌ පමණ ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ඔහුගෙන් පසු උප ආණ්‌ඩුකාරවරයකු ලෙස සර් ඡේම්ස්‌ කැමල් 1824 දක්‌වා සේවය කර තිබේ.

    1824 සිට 1831 දක්‌වා සර් එඩ්වඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා ලෙස පත්ව ආයේය. 1829 දී දිවයිනට පැමිණි කෝල් බෲක්‌ විසින්, සී. එච්. කැමරන්ගේ සහායද ඇතිව කෝල් බෲක්‌ කොමිෂන් යෝජනා සකස්‌කර බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය. 1833 සිට ක්‍රියාත්මක වූ මෙම යෝජනා මෙසේය. 01. උඩරට හා පහතරට ප්‍රදේශ ඒකාබද්ධ කර ලංකාව එක්‌ පාලන ක්‍රමයක්‌ යටතට ගෙන ඒම, 02. ව්‍යවස්‌ථාදායක හා විධායක සභා ආරම්භ කිරීම, 03. මෙතෙක්‌ පැවැති පළාත් 16 පළාත් 05 කට සීමා කිරීම, 04. රාජකාරි ක්‍රමය අවලංගු කිරීම, 05. රජයේ වෙළෙඳ ඒකාධිකාරී ක්‍රමය නවතා දැමීම, 06. ගම්සභා බලය අඩුකර උසාවි ක්‍රමයක්‌ ඇති කිරීම.

    ක්‍රි.ව. 1831 සිට 1837 දක්‌වා ආණ්‌ඩුකාරවරයා ලෙස කටයුතු කළේ සර් රොබට්‌ විල්මට්‌ හෝර්ටන්ය. කලම්බු ජර්නල් පත්‍රය (1832 - ජනවාරි 01) ආරම්භ විය. මහනුවර තැපැල් රථ ගමන් ඇරඹුනේද හෝර්ටන් සමයේය. කලින් සඳහන් කරන ලද ව්‍යවස්‌ථා දායක හා විධායක සභා ක්‍රමය ඇතිවූයේ එඩ්වඩ් බාන්ස්‌ ගේ කාලයේය. මෙය 1833 දී සිදුවිය. ව්‍යවස්‌ථාදායක සභාවට 15 ක්‌ ඇතුළත්ය. මින් නිලලත් 09 ක්‌ද නිල නොලත් 06 ක්‌ද ඇතුළත් විය. සිලොන් ඔබ්සවර් පත්‍රයද එළි දක්‌වන ලද්දේ මෙකලය.

    මේ අනුව ෆෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරවරයාගේ සිට අවසන් ආණ්‌ඩුකාරවරයා වන සෝල්බරි සාමි දක්‌වා සිටි ආණ්‌ඩුකාරවරුන් මෙසේය.

    01. ෆෙඩ්රික්‌ නෝර්ත් - 1798 - 1805, 02. තෝමස්‌ මේට්‌ලන්ඩ් - 1805 - 1811, 03. සර් රොබට්‌ බ්‍රවුන්රිග් - 1812 - 1820, 04. සර් එඩ්වඩ් පැජට්‌ සහ ඡේම්ස්‌ කැමල් - 1822 - 1824, 05. සර් එඩ්වඩ් බාන්ස්‌ - 1824 - 1831, 06. සර් විල්මට්‌ හෝර්ටන් - 1831 - 1837, 07. ඒ. ඡේ. ස්‌ටුවට්‌ මැකැන්සි - 1837 - 1841, 08. සර් කොලින් කැමල් - 1841 - 1847, 09. ටොරින්ටන් සාමි - 1847 - 1850, 10. සර් ජෝර්ඡ් ඇන්ඩ්‍රසන් - 1850 - 1855, 11. සර් හෙන්රි වෝඩ්- 1855 - 1860, 12. සර් චාල්ස්‌ මැකාති - 1860 - 1863, 13. සර් හර්කියුලිස්‌ රොබින්සන් - 1865 - 1872, 14. සර් විලියම් ග්‍රෙගරි - 1872 - 1877, 15. සර් ඡේම්ස්‌ ලොංඩන් - 1877 - 1883, 16. සර් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් - 1883 - 1890, 17. සර් ආතර් හැව්ලොක්‌ - 1890 - 1895, 18. සර් ජෝර්ඡ් වෙස්‌ට්‌ රිඡ්වේ - 1895 - 1903, 19. සර් හෙන්රි බ්ලේක්‌ - 1903 - 1907, 20. සර් හෙන්රි මැකලම් - 1907 - 1913, 21. සර් රොබට්‌ චාමස්‌ - 1913 - 1916, 22. සර් ජෝර්ඡ් ඇන්ඩෲසන් - 1916 - 1918, 23. සර් විලියම් මැනිං - 1918 - 1925, 24. සර් ක්‌ලිµඩ් - 1925 - 1927, 25. සර් හර්බට්‌ ස්‌ටැන්ලි - 1927 - 1931, 26. සර් ග්‍රීව් තොම්සන් - 1931 - 1933, 27. සර් එඩ්වඩ් ස්‌ටබස්‌ - 1933 - 1937, 28. සර් කෝල්ඩ් කෝට්‌ - 1937 - 1944, 29. සර් හෙන්රි මේසන් බවර් - 1944 - 1948, 30. සෝල්බරී සාමි - 1948 - 1954.

    මැකලම් ආණ්‌ඩුකාරවරයාගේ පාලන සමයේදී 1912 දී ව්‍යවස්‌ථා දායක සභාවට නියෝජිතයන් 21 ක්‌ වූහ. මින් නිලලත් 11 ක්‌ හා නිලනොලත් 10 ක්‌ විය. අනතුරුව මැනිං ආණ්‌ඩුකාරවරයාගේ සමයේදී 1921 දීA ව්‍යවස්‌ථාදායක සභාව තවත් පුළුල්විය. එහි නිලලත් ගණන 14 ක්‌ වූ අතර නිලනොලත් 23 කින් මුළු ගණන 37 ක්‌ දක්‌වා වැඩිවිය.

    ක්‍රි.ව. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලද්දේ ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රම ප්‍රතිසංස්‌කරණ යෝජනා මගිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් 61 ක්‌ විය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් 03 ක්‌ද, පළාත්බද නියෝජනයෙන් 50 ක්‌ද සුළු ජාතීන් වෙනුවෙන් 08 ක්‌ද ඇතුළුව 61 ක්‌ විය.

    ඩොනමෝර් ප්‍රතිසංස්‌කරණ යෝජනාවලින් වයස අවුරුදු 21 ට වැඩි ස්‌ත්‍රී පුරුෂ සියලු දෙනාටම ඡන්ද බලය හිමිවිය. විධායක කාරක සභා ක්‍රමයක්‌ද ඇති කළේය.

    1944 දී සෝල්බරී ආණ්‌ඩුක්‍රමය යටතේ ව්‍යවස්‌ථාදායක සභා දෙකක්‌ ඇති කරන ලදී. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය සහ සෙනෙට්‌ සභාව ඒ වෙයි. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයට මන්ත්‍රීවරු 101 ක්‌ වූ අතර සෙනේට්‌ සභාවට මන්ත්‍රීවරු 30 ක්‌ පත්විය.

    1947 පැවැත්වූ මුල්ම මැතිවරණයෙන් ඩී. එස්‌. සේනානායක මහතා අගමැති වූ අතර 1948 පෙබරවාරි 04 දින ලංකාව ස්‌වාධීනත්වයෙන් යුතු රාජ්‍යයක්‌ බවට පත්විය.

    ආර්. එම්. ටී. බී. රත්නායක

    No comments:

    Post a Comment

    Video

    lakbima news

    root

    Culture